Friday, November 15, 2013

ගූගල් ෆන්

කාලෙකින් මේ පැත්තේ ආවේ..ඉතින් මට හිතුනා ආපු එකේ අපේ කස්ටියට පොඩි ෆන් එකක් ගන්නත් එක්ක ගූගල් එකේ පොඩි ට්‍රික් එකක් කියල දෙන්න..

ග්‍රැවිටි

ග්‍රැවිටි කියන්නේ මොකක්ද කියල හැමෝම දන්නෙවනේ ඉතින්..නිව්ටන් මහත්තයා ඇපල් ගහක් යට නැප් එකක් දාගෙන ඉද්දිනෙ ඔහොම මෙව්ව එකක් තියෙනවාය කියල හොයා ගත්තේ..අපි වගේ එකෙක් හිටියනම්...නෑ එව්ව ඔනි නෑ..දැන් අහන්නකෝ කරන විදිහ ගූගල් එක මුලින්ම ඕපන් කරල..සර්ච් බාර් එකේ ටයිප් කරන්න ග්‍රැවිටි (gravity) කියලා ටයිප් කරන්න.


දැන් ඔය පින්තූරේ මම පෙන්නල තියෙන විදිහට මිස්ටර් ඩූබ් කියන සයිට් එක උඩ ක්ලික් කරලා බලන්න ඊට පස්සේ බලල කියනාකෝ මොකක්ද උනේ කියලා. ;)









Friday, April 26, 2013

දුවට බඩ යනවා සර්





ඔන්න මේකත් අසේල සර් ගේ කතන්දරයක්ම තමයි...


සර් ගේ තවත් නීතියක් තමයි ඔන්න ලමයෙක් පන්ති ආවේ නැති උනාම බාරකාරයෝ..ඒ කියන්නේ වෙන කාවත් නෙවෙයි..අම්මා තාත්තා කතා කරල කියන්න ඕනි ඇයි තමන්ගේ කොල්ලා කෙල්ල අද ක්ලාස් ආවේ නැත්තේ කියලා....හැබැයි ඒක කියන්න ඕනි ඒ අදාල පන්තිය පැවැත්වෙන වෙලාවේදි පමනයි...ඊට පස්සේ ගත්තම පොරගේ මල අතේ.....


ඔන්න අපේ පන්තිය වේලාවේ සර් ට කෝල් එකක් එනවා...


සර්- හෙලෝ....කව්ද?


කෝලර්- සර් මම මේ XXXX දුවගේ අම්මා කතා කරන්නේ.....13 වසරේ ගෘප් ක්ලාස් එකේ....
(අපි 12 එතකොට...ඊට කලින් පන්තියේ අක්කා කෙනෙක් ගේ අම්මා කෙනෙක් තමා දැන් මේ කතා කරන්නේ


ඔව් ඉතින්.....


සර් මේ දුවට ක්ලාස් එන්න බැරි උනේ මේ ලූස් මෝශන් එකක් හින්දා...


ආහ් එහෙමද?? එහෙනම් අම්මයි දුවයි දෙන්නම කොන්ඩ කැවුමක් අනිත් පැත්ත හරවලා ගිලින්න..


දුරකතනය විසන්දි වේ


(දැන්වත් සර් ලව්ඩ් ස්පීකර්ස් දාන්නේ නැතුව කතා කරනවද දන්නේ නැ...)


ජාතික කිරි මන්ඩලේ වදී





මේක මේ අපේ ස්කෝලේ සර් කෙනෙක් ගැන කතාවක්....සර් ගේ නමවත් ස්කෝලේ ගැනවත් කියන්නේ නැති හින්ද මේක අපහාසයක් නින්දාවක්....මඩක් වෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා....කොහොම උනත් දන්නෝ දනිති....අපි මේ සර් ට අසේල කියලා නම දාමු........කොමස් කාරයෝ ටිකට ටික වෙන්න සැප දුන්න පොරක් තමා අසේල සර්....කොමස් එකේ අසේල සර් කිව්වම ආය........කොල්ලොන්ට කෙල්ලොන්ට යූරිය ලෝඩ් වෙනවා.....අන්ත් අන්ශ වල එව්න්ටත් එමමයි.......ඉතින් සර් ගේ නීති තමයි...සර් ආවට පස්සේ පන්තියට එන එව්න් එන්න ඔනි ඩෙස් 2 ක් තියලා ඒක අස්සෙන්....කෙල්ලොද කොල්ලොද කියල නැ සර් ට...නීතිය නීතියමයි.....ලකුනු අඩු උනොත් කසාය හම්බෙනවා.....එකේ ප්‍රතිපලයක් විදිහට නොම්මර 2 සදහා වාඩි වෙන්න බැ....අතට කෙලියොත් හෝද ගන්න බැරි වෙනවා....ඔය ටිකයි....පොඩි ටෝක් එකක් දුන්නැත්නම් වැඩේ අමාරුයිනේ.....


ඔන්න දවසක් ඇගයිමක් දීලා මෑන්ස් ලකුනු බලනවා....කෙල්ලෙක්ට ලකුනු අඩුයි හොදටම.....ඉතින් සර් වේවැල ගන්නවා..ගහනකොටම කෙල්ල අත ගන්නවා.....ඕක දැන් 3 සැරයක් විතර උනා....සර් ට මල අතේ.....සර් කියපි....


යකෝ ගනින් අත අහකට...නැත්නම් ජාතික කිරි මන්ඩලේ වදියි උබේ...


(තෙරුම් ගන්නන් තෙරුම් ගනිත්වා...)

Thursday, April 25, 2013

ටෝච් පැන්ඩා



මේක අපේ බැච් එකේ පට්ටම ආතල් දෙන පොරක් දුන්න ආතල් කෝටියකින් විතර එකක් විතරයි .. රස කතා නම් ගොඩයි.. කස්ටිය තැන නොතැන නොදන්න නිසා අනවර්ත නාමේ පාවිච්චි කලාට කමක් නෑ කියල හිතනවා.(අඩොව් පැන්ඩා මේක දැක්ක කාලෙක අපේ ආචිචී මතක් කරන්න එපා...බොක්කනේ ඉතින්..මඩ නෙවේ මේ සහෝදර ප්‍රේමයේ උච්චතම අවස්තාවක් )


මේක සිද්ද උනේ අපි ජපන් වචනෙකින් හදුන්වන(ආදලේට ) අපේ ගුරු සහ අසරන පැන්ඩා අතර..කතාව මෙහෙමයි.

ලෙක්චරර් - හරි..හිතන්න අපි ගමනක් යන්න යනවා...අහස කලු කරගෙන එනවා..මොකක්ද අපි අතට ගන්නේ..

සර් ගේ තියුනු දෑස අසරන පැන්ඩා වෙතට...

පැන්ඩා - ටෝච් එකක් සර්...


ලෙක්- කව්ද බොල වැස්සක් වහින්න එනකොට ටෝච් ගහන්නේ..

පැන්ඩා- නෑ සර්...කලුවර හින්දා...

ලෙක්- මට පේනවා උබ කලුවරේ හොදට ටෝච් ගහල පුරුද්දක් තියෙන එකෙක් කියලා....
$%^#^$$&$$#&





Friday, April 19, 2013

ඉදගෙන බලන්න...



හා හා පුරා කියල මන් කොල්ලත් බ්ලොග් කෙරුවාවට එන්ටර් උනා එහෙනම්. කොහෙන් පටන් ගන්නද මොනා ලියන්නද කියල නිච්චියක් නැති නිසා මන්මුලා වූ සමනලයෙක් වගේද කියලත් හිතෙනවා.
 හොද දෙයක් කරන්න හිතන් ඉන්නවා බලමු ඉතින් ප්‍රේක්ෂක ප්‍රතිචාර මත අනාගතය ඇනගන්නවාද?  නැත්ද කියන එක තීරනය වෙවි. ඒත් කවුද මන්ද කියල තියෙනවනේ සැඩ පහර හමවි...සියල්ල සුනු විසුනු වී යවී.ඒත් වසන්තය දිනක එනවාමයි කියලා නෙහ්.....
(කට්ටියට මට විශ් කොරලා කමෙන්ටු දාල යන්න එහෙම නෙවේ මේ නොකියා කිව්වේ හොදේ....)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...